මුල් පිටුව

 Paradise of Hambanthota

අසිරිමත් රම්මල

මුවගට සිනා නන්වා සැම දනන්                 වෙත
මගනැගුමෙන් කරපු දේ මතකයේ               ඇත
ගලින් ගලට පැනගිය කාලයට                     තිත
හැම පාරක්ම හැදුවා සනසමින්                    සිත

නුවණැස වඩා සංවර ගතිගුණය                  පබා
බිහිකරලන්ට නැවතත් දුටුගැමුණු               අබා
දුන්නෙ පහසුකම් දෝතින් පිදුම්                 ලබා
පාසල සමග පංසල උස් තැනක                 තබා

අකුරු කරන්නට දරු දැරියන්                  සැමට
විදුලිය ගෙනත් දුන්නා ගේ පා                  මුලට
සතුටු කඳුළු ගිලිහෙන නෙතගින්               මුවට
සාදුකාර දුන්නේ රන් එලි                        වැටට

එලවළු මාළු බිත්තර  ගිනි ගනන්                උනා
පොලට ගිහින් එනවා හිස් මල්ල                වනා
ගෙවතු වගාවට සිත් නෙත් සවිය                තනා
දිවි නැගුමයි හොඳම දේ අපෙ ගමට      ගෙනා

රම්මලේ කන්ද

දකුණු පළාතේ හම්බන්තොට දිස්තතක්කයේ මුල්ගිරිගල මැතිවරණ කොට්ඨාශයේ වලස්මුල්ලප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය පිහිටා ඇත.වර්ග කි.මී.106.2 ක භූමි ප්‍රමාණයයකින් සමන්විත මෙම කොට්ඨාශයේ ග්‍රාම නිලධාරී වසම් 53 කි. තැනිතලා ද කඳු බෑවුම් වලින් ද ගහන මෙම කොට්ඨාශය සොබා දහම අතින් ඉතාම සොදුරැ මනස්කාන්ත දර්ශන සහිත පරිසරයක පිහිටා ඇත.ඓතිහාසික වටිනාකමකින් යුත් සිත්තම්ගල්ලෙන රජ මහා විහාරය,සහ සිංහරාජ වනාන්තරයේ එක් මායිමක් වන රම්මල කඳුවැටිය පිහිටා ඇත මෙම කොට්ඨාශය සැබවින්ම මනස්කාන්ත දර්ශනයන්ගෙන් හෙබියා වූද පැරණි වීරවරයන්ට ෙමන්ම වත්මන් වීරවරයන්ටද නිජභූමියක් වූද රමණීය ප්‍රදේශයකි.

එසේම කිරම - ඌරුබොක්ක පාරේ , වරාපිටිය ප්‍රදේශයේ රම්මල කඳු පාමුල ඇති ඓතිහාසික වටිනාකමින් යුතු ලෙන් විහාර වලින් ද සමන්විත සිත්තම්ගල්ලෙන පුරාණ විහාරස්ථානය වළගම්බා රජු සැඟවී සිටි ස්ථානයක් බව ද, පසු කාලීනව ඔහු විසින් එම විහාරය කරවූ බව ද , මහාවංශයෙහි සඳහන් වේ.
මහාවංශයට අනුව වළගම්බා රජු යුද්ධයෙන් පැරදී පළා ගොස් රෝහණ පුරයේ මුරකරුවන් යොදාගෙන මෙම ප්‍රදේශය ආසන්නයේ කන්දක සැඟවී සිට ආරක්ෂාව සපයා ගත් බවත්, ඒ හේතුවෙන් එම ප්‍රදේශය මුරකන්දෙගොඩ නමින් හඳුන්වා දැනට මොරකන්දෙගොඩ නමින් ව්‍යවහාරයට පත්ව ඇති බවත් වංශකථා වල සඳහන් වේ. (ඕකේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ග්‍රාම නිළධාරී වසමකි.)





“සුවණ්ණමලය” නමින් හඳුන්වා ඇති “රම්මලේ කන්ද” ඓතිහාසික අතින් මෙන්ම ස්වාභාවික සෞන්දර්යයෙන්ද අනූණ වූ ප්‍රදේශයකි.මාතර දිස්ත්‍රික්කයෙහි මොරවක් කෝරලය සහ කන්දබඩ පත්තුවට ද මායිම් වූ අක්කර 2000 කට අධික බිම් ප්‍රමාණයක පැතිර පවතින්නා වූ රම්මලේ කන්ද ‍ෛජව විවිධත්වයෙන්ද යුක්තය.
සිංහල දේශය මුළුමනින්ම චෝලයන්ගේ ආක්‍රමණයන්ට නතුව තිබූ අවධියෙහි, “කීර්ති කුමරා” ජීවිතයෙහි කුඩා කාලයත්, තරුණ කාලයත්, සිය පියාණන් ඇතුළු රජ පවුලත් සමග රුහුණේ ජීවත් වූ බව ඓතිහාසික වශයෙන් ඔප්පු වේ.
“පනාකඩුව තඹ සන්නස” එයට හොඳ සාක්ෂියෙකි. එතුමා රුහුණෙහි ඈපා පදවියට පත්වීමද සිදුවිය. එම සිදුවීම සිහිපත්වීම සඳහා “සිරිවන්දෙල” නම්වූ ගෘහයක් කරවා තිබුණි. මෙම කරුණ එයට සියවස් හතරකට පමණ පසුව “‍ෙතාටගමුවේ සිරි රහල් හිමි” සිය “පරෙවි සංදේශයෙහි”

සිරිවන් තැන පිහිටි විජයබ නරපාය
සිරිවන්දෙලෙහි සැතපෙව පිය සතපාය
යනුවෙන්, පරෙවියාට එහි නවාතැන් ගැනීමට නියම කොට ඇත.
 

මින් පසුව “සුවණ්ණමලය” නම්වූ “රම්මලේ කන්දෙහි” “රෙමුණුගල කඳවුර” බැඳි පව සඳහන් වෙයි. රම්මලේ කඳුවැටිය “මහා විජයබා රජුට” සහ “මහා පැරකුම්බාවන්ට” ද රණබිමක්ව ඇත. “රාජචන්ද්‍ර කැලය” නම් වූ ආරණ්‍ය ප්‍රදේශයක්ද මෙහි වෙයි. මහා පැරකුම්බා රජුගේ නැන්දණිය වූ “සුගලා දේවිය” ජීවග්‍රහයෙන් අල්ලා ගනු ලැබුවේ මෙම රම්මලේ කඳුවැටියේදීය.
රම්මලට ආසන්නයේ ඇති බෝවලදී “කීර්ති කුමාරයා” ,“ලොකේෂ්වර” සමග යුධ කොට ජය අත්පත් කර ගත් බවද සඳහන් වේ.

මෙයට අමතරව මෙම කඳුවැටියෙහි ගිරි ලෙනක දන්ත ධාතූන් වහන්සේ සුළු කාලයක් සඟවා තැබූ බව බු.ව.2234 වැන්නෙහි ලියන ලද ...“කොලවෙනිගම සන්නසෙන්” පැහැදිලි වේ. “බියට පත් මහ සඟන දන්ත ධාතූන් වහන්සේ ප්‍රධානව වස්තූන් ද ගෙන රහසින්ම කොලවින්න විහාරය අතහාර වන වැදී මහ හිමයන් පසු කර රෝහණ දේශය බද රංමලේ නමැති ගිරට පැමිණ එහි වූ ගුහාවක දන්ත ධාතූන් වහන්සේ සඟවා තබා....” යන පාඨයෙන් ද ....”මායාදුන්නේ කුමරිඳුගේ අණසක පිට රම්මලේ සිට සර්වාරක්ෂා ඇතිව හැබිලිපිටිය, කෝලාන, ගොඩකැවෙල මැද්දෙන් සබරගමු පියෙසට වඩමවා, දෙල්ගමු වෙහෙරෙහි වඩා හිඳුවා තබන ලදැයි.....” යන පාඨයෙන්ද මේ බැව් තහවුරු වේ.

























මෙම ඓතිහාසික “රම්මලේ කන්ද” කඳුවැටිය අද ඉතා දැකුම්කළු, සොබාසිරිය දනවන පෙදෙසකි. කඳු මුදුනෙහි ආරණවාසී භික්ෂූන් වහන්සේලාගේ තපෝවනයකි. කඳු මුදුනේ සිට ගලා හැලෙන දිය දහරා ගල්කුළු වල හැපෙමින්, සුදු පැහැ පෙණ පිඩු නංවමින් පහලට ගලා බස්නා ආකාරය චමත්කාරජනකය.